
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයේ පළ කළ පිරිසට වැඩ වරදී
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ද පැමිණිලි කරන බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කළ විමසීමකදී පැවසුවේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීමේ කටයුතු ලබන 20 වනදා සිට 25 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 වනදාට පෙර නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ. .
Google AdSense
In-Article Ad

