FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලොකු ලොක්කන් 50කට ළග ළගම මාංචු..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසියේ විශේෂ විමර්ශන ඒකක කිහිපයක් එක්ව මේ වන විටත් අදාළ පරීක්ෂණ කටයුතු වේගවත් කර තිබේ. මෙම දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් සිදු කරන ලදැයි කියන මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් මෙරටට අහිමි වී ඇති මුදල රුපියල් කෝටි 5,000කට අධික බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. පසුගිය කාලසීමාව තුළ සිදු වූ විවිධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් විසි දෙනෙකුට ආසන්න පිරිසක් දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ග මගින් දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටිති. නව විමර්ශන යටතේ චෝදනා ලැබීමට නියමිත පුද්ගලයන් විදේශගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති අතර, ඔවුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ඔත්තුකරුවන් ද යොදවා ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, මහජන දේපළ නාස්ති කළ සහ දූෂණවලට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව පොලිසිය මගින් අඛණ්ඩව විමර්ශන පවත්වන බවයි. දූෂිතයන්ට දඬුවම් ලබා දීම මෙන්ම ඔවුන් විසින් රටට අහිමි කළ මහජන මුදල් යළි අය කර ගැනීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. මීට අමතරව, මීට පෙර විවිධ තාක්ෂණික ගැටලු පෙන්වා දෙමින් නඩු කටයුතුවලින් නිදහස් වූ දේශපාලනඥයන් කිහිපදෙනෙකු පිළිබඳව ද යළි අවධානය යොමු වී තිබේ. එම තාක්ෂණික දෝෂ නිවැරදි කර ඔවුන්ට එරෙහිව නැවත නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කරමින් පවතින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Google AdSense

In-Article Ad