FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

LPL අවසන් මහා තරගය නොමිලේ බලන්න අවස්ථාව

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ක්‍රීඩාංගණයේ ”C” Upper Lower සහ ” D” Upper Lower යන කොටස් ඒ සඳහා වෙන් කර ඇති බවයි. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරයි. එය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ක්‍රීඩාංගනයේ සියලුම දොරටු ප්‍රේක්ෂකයින් සඳහා පස්වරු 5.30 සිට විවෘත කෙරෙනවා. තරගය ආරම්භ කිරීමට පෙර ක්‍රීඩාලෝලීන් උදෙසා විනෝදාස්වාද අංග මාලාවක් මෙන්ම ආකර්ෂණීය සමාප්ති උත්සවයක් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසුවේ. .

Google AdSense

In-Article Ad