
ශිෂ්‍යත්වයට හෙට මුහුණු දෙන දරුවන්ගේ දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී අයදුම්කරුවන් දෙලක්‍ෂ 94,089 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි යූ ටියුබ් නාලිකාවේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතුයි. එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය ඉල්ලා සිටියා. “උදෑසන 9:30 ට තමයි විභාගය ආරම්භ වන්නේ. පළමුවෙන්ම තිබෙන්නේ දෙවැනි ප්‍රශ්න පත්‍රය. ආරම්භ වන්නේ 9:30 ඉඳලා 10:45 දක්වා පැය එකයි විනාඩි 15 ක් දෙනවා දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා. පළවෙනි ප්‍රශ්න පත්‍රය තිබෙන්නේ කෙටි විවේක කාලයක් තිබෙනවා. ඒ කෙටි විවේක කාලයෙන් පසුව 11:15 ට තමයි ආරම්භ වන්නේ. 11:15 ඉඳන් 12:15 දක්වා පැයක කාලයක් තිබෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයට. එතකොට අපි මේ දරුවන්ටවිශේෂයෙන්ම අපේ ආදරණීය දෙමව්පියන්ටත් දැන් මතක් කරනවා, ඔවුන්ට දැන් විභාග අංකය ලැබිලා තිබෙනවා. විභාග මධ්‍යස්ථානය කුමක්ද කියලා දැන් දන්නවා. එතකොට මේ දරුවෝ විභාගය ආරම්භ වන්නේ 9:30 ට. නමුත් විභාගය ආරම්භ වීමට පැයකට කලින් ඒ දරුවන් අයිති විභාග මධ්‍යස්ථානයට දරුවන් එක්කරගෙන යන්න ඕනේ.” ඒ කියන්නේ 8:30 වෙද්දී ආවා නම් ප්‍රමාණවත්? “ඔවු, 8:30 වෙද්දී විභාග මධ්‍යස්ථානයට යන්න ඕනේ. දෙමව්පියන්ට විශේෂයෙන්ම මතක් කරනවා විභාග ශාලාව තියෙන විභාග මධ්‍යස්ථාන පරිශ්‍රය ඇතුළට යන්නට බැහැ. ඒ දරුවන් ගෙනිහින් භාරදෙන්න ඕනේ පන්තියේ පන්තිභාර ගුරුතුමාට වේලාසන පැයකට කලින්. එතකොට ඒ පන්තිභාර ගුරුතුමා හෝ ගුරුතුමිය තමයි මේ දරුවන්ට නියමිත ශාලාවට එක්කරගෙන ගිහිල්ලා ඔවුන්ට නියමිත විභාග අංකය සහිත ආසනයේ වාඩි කරවීම සිදු කරන්නේ. ඊට පස්සේ ඔවුන්ට ශාලාවෙන් පිටතට යන්න පුළුවන්. එතකොට විභාග පැවැත්වෙන ශාලා පරිශ්‍රය ඇතුළේ ඉන්නට පුළුවන් විභාගයට මුහුණ දෙන දරුවෝ සහ විභාග කාර්ය මණ්ඩලය (ශාලාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට) පමණයි. පාසලේ ගුරුවරුන්ට, එම පාසලේ විදුහල්පතිවරුන්ට කවුරුත් ඒ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ පරිශ්‍රය ඇතුළේ ඉන්නේ නැහැ.” විභාගයට පෙනී සිටින දරුවන් අද දිනයේ අනවශ්‍ය පීඩනයකට ලක් නොකරන ලෙසටද මව්පියන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළා. “දැන් මේ දරුවන් විශාල කාලයක් මේ සඳහා මිඩංගු කරලා, හොඳ සූදානමින් ඉන්න අවස්ථාවේ අනවශ්‍ය විදියට දරුවාට බලපෑම්… ඒ කියන්නේ පීඩනයට පත්වෙන ආකාරයේ බලපෑම් කරන්න එපා. මොකද ඒ දරුවන්ගේ හැකියාව මත ඔවුන්ට ඒ පුළුවන් ආකාරයට තමයි ඔවුන් ඒ ලකුණු ගන්න දැන් සූදානමින් ඉන්නේ. ඒ නිසා අපි ඔවුන්ව කළබල කරන්න, අනවශ්‍ය විදියට දැඩි පීඩනයක් මේ දවස්වල ලබාදෙන්න හොඳ නැහැ. ඔවුන්ට නිදහසේ, සංසුන්ව ඔවුන්ගේ ඒ තියෙන විශ්වාසය අනුව, හැකියාව අනුව ඒ අවශ්‍ය පිළිතුරු සැපයීමට අවශ්‍ය වාතාවරණය නිවසේදීත් සකස් කරලා දෙන්න කියලා මම මතක් කරනවා.” ”ඇත්තටම ආදරණීය දෙමාපියන්ට මතක් කරන්න ඕනේ ඒක වැදගත් කාරණයක්. මොකද මේ දරුවාට මේ කෙටි කාලයක් තියෙන්නේ විභාගය සඳහා මුහුණ දෙන්න. එතකොට ඒ අවස්ථාව වෙනකොට එයා ඉතාමත් ම මනස සංසුන්ව වගේම නිරෝගීව සැහැල්ලුවෙන් ඉන්න ඕන වෙලාවක්. ඒ නිසා දරුවාට මේ දිනවල ගෙදරදී ආහාර දෙනකොට පවා ඒ අසනීප තත්ත්වයන් ඇතිවෙන ඒ ආකාරයේ කෑම වර්ග ලබාදීමෙන්, ඒ වගේම වෙනත් අනතුරු වෙන්න… සෙල්ලම් කරලා ලිස්සලා වැටෙන්න, ඒ වගේ දේවල් වලිනුත් වළක්වා ගන්න ඕනේ.එමෙන්ම දැන් විභාගයට යන අවස්ථාවේදී දරුවාට කෙටි විවේක කාලයක් තියෙනවා. ඒ විවේක කාලයට අවශ්‍ය කෙටි කෑම වර්ගයක් යවන්න පුළුවන්, ඒ වගේම වතුර බෝතලයක්…” විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය එක්වූ විශේෂ වැඩසටහන පහතින් .
Google AdSense
In-Article Ad

