
මණ්ඩලය වී මෙට්‍රික් ටොන් දහනව දහසක් මිලදී ගනී
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මේ වන විට විවෘත කර ඇති සිය ගබඩා මගින් වී මෙටි්‍රක් ටොන් දහනව දහසක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා සිය ගබඩා 100ක් දැනට විවෘතව පවතින බවද එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවා. “වී අලෙවි මණ්ඩලේ ගබඩා අපි ජූලි මාසේ 13 වෙනිදා ඉඳලා මේ දක්වා දැන් අඛණ්ඩව විවෘත කරලා තියාගෙන ඉන්නවා. අපි මේ මීට ඉහතදී කිව්වා වගේම අස්වැන්න නෙලන ප්‍රදේශවල තමා අපි විවෘත කරමින් යන්නේ. මේ වෙනකොට අපි ගබඩා 100 කට අධික ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවා ලංකාවේ හැම පැත්තෙන්ම. එතකොට ඒවට ගොවි මහත්තුරු වී රැගෙන එනවා. අපි මේ වෙනකොට ටොන් 19,592 ක් මිලදී අරන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් ඒ කැපෙන කැපෙන ප්‍රදේශවල අස්වැන්න නෙලන ආකාරයට අදාළ ගබඩා ටික විවෘත කරන්න. තාම අපි පොළොන්නරුවේ ගබඩා විවෘත කරලා නැහැ. කීපයක් විවෘත කරලා තියෙන්නේ. මොකද පොළොන්නරුවේ ටිකක් ප්‍රමාද වෙයි අස්වැන්න නෙලන්න. එතකොට අපි ඒවා විවෘත කරලා මිලදී ගැනීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම වයඹත් දැන් තමා අස්වැන්න නෙලමින් පවතින්නේ. බොහෝ වෙලාවට මේ සතිය ඇතුලත… අපි කොහොමත් වයඹ මීට කලිනුත් විවෘත කරලා තිබුණා. ගොවි මහත්තුරු අපිට වී ලබා දෙයි.” නෙත් නිව්ස් නියෝජිත – “පසුගියදා ඇතිවූ ආපදා තත්වය මේ මේ ගබඩා සංකීර්ණ ඔබතුමාලාගේ වී අලෙවි මණ්ඩලයේ…” වී අළෙවි මණ්ඩලයේ සභාපතිවරයා -“නෑ, ඒ අපේ ගබඩා පිහිටලා තියෙන ස්ථානවලට, ප්‍රදේශවලට අපිට ඇත්තටම හානියක් සිද්ධ වෙලා නැහැ. එහෙම බලපෑමක් ඒකෙන් වී ගබඩා කරලා තියෙන ස්ථානවලට ඇතිවෙලා නැහැ.” .
Google AdSense
In-Article Ad

