FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රිමාන්ඩ් කළ අකිලට බන්ධනාගාරයෙන් ලැබෙන සැලකිලි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ පස්වරු 5.30 ට පමණ ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි. ඉන්පසුව අකිල විරාජ් කාරියවසම් මහතා එම බන්ධනාගාරයේ වාට්ටුවක වෙනත් රැදවියන් පිරිසක් සමග රදවා තිබෙනවා. කෙසේවෙතත් ඔහුට හිමිවන්නේද වෙනත් රැදවියන්ට හිමි වන පහසුකම් පමණක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරමින්, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධන පිරවුම්හලක සේවයේ යොදවා ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම අනෙක් සේවකයාද තනතුරට අදාළ වෙන්කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා නොමැති බවයි වාර්තා වුණේ. ඒ අනුව අදාළ සේවකයන් වෙත රජයෙන් වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දුෂණය නැමැති වරද සිදුකිරීම යන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව විසින්. පසුව අකිල විරාජ් කාරියවසම් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. .

Google AdSense

In-Article Ad