
මහර බන්ධනාගාරයේ අමුත්තන් බැලීම අත්හිටුවයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බන්ධනාගාර අධිකාරීවරයා සඳහන් කළේ සිද්ධියෙන් බන්ධනාගාර දේපළවලට දැඩි හානි සිදුව ඇති අතර, තුවාල ලැබූ රැඳවියන් රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි. රෝහල්ගත කළ රැඳවියන්ගේ නාමලේඛනය මේ වන විට බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසල ප්‍රදර්ශනය කර තිබේ. නොසන්සුන්තාවයට සම්බන්ධ බවට සැක කෙරෙන රැඳවියන් 104 දෙනෙකු ආරක්ෂක හේතූන් මත වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති අතර, ඔවුන් මාරු කර යැවූ බන්ධනාගාර පිළිබඳ තොරතුරු ද ප්‍රධාන දොරටුව අසල ප්‍රදර්ශනය කර ඇති බව අධිකාරීවරයා පැවසීය. සෙසු රැඳවියන් මේ වන විට ඔවුන්ගේ සිර මැදිරි තුළ සාමකාමීව පසුවන අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන වෙනත් බන්ධනාගාරවල සහාය ඇතිව ලබා දීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, සිදුව ඇති දේපළ හානි පිළිසකර කිරීමේ කටයුතු හේතුවෙන් හෙට සිට දින තුනක කාලයක් අමුත්තන් බැලීම තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා සිට නැවත සුපුරුදු පරිදි අමුත්තන් බැලීමේ අවස්ථාව ඥාතීන්ට හිමිවන බව රෝහණ ගලප්පත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය. අද දින මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පුළුල් විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
Google AdSense
In-Article Ad

