FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහර පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරේ

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මහර බන්ධනාගාරය අවට ග්‍රාම නිලධාරී වසම් තුනකට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. නෙත් නිව්ස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා ඒ බව ප්‍රකාශ කළා. මහර බන්ධනාගාරයේ ඊයේ හටගත් නොසන්සුන්තාව සැලකිල්ලට ගෙන එම බන්ධනාගාරය අවට ප්‍රදේශවල මහජන ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවා. කෙසේවෙතත් අද පෙරවරුවේ බන්ධනාගාරයේ රැඳවියන්ගේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වුණා. ඒ අනුව ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය ඉවත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. කෙසේවෙතත් මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා. .

Google AdSense

In-Article Ad