FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කුකුළු කකුලක් ඩොලර් 3.50යි.. දෙකක් ඩොලර් හතයි.. කුකුළු කකුල් ෆැක්ටරියක් දානවා..- නාමල්

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

මෙරට කුකුළු පාලන කර්මාන්තයට ඉහළ අගයක් එකතු කරමින්, කුකුළු මස් සහ කුකුළු කකුල් අපනයනය ඉලක්ක කරගත් නව කර්මාන්ත ශාලා කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ විවෘත කිරීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ, කුකුළු මස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පිරිසිදු කර, ඇසුරුම් කර විදේශ වෙළඳපොළට යොමු කිරීමට සැලසුම් කර ඇත. මෙහිදී ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලීන් විද්‍යාත්මකව පාලනය කරමින් උසස් ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන අපනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම චීනය වැනි රටවල කුකුළු කකුල් සඳහා පවතින අතිවිශාල ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, ඒ සඳහාම වෙන්වූ වෙනම කර්මාන්ත ශාලාවක් ද ස්ථාපිත කිරීමට නියමිතය. ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉහළ වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දැනට පවතින මිල ගණන් අනුව කුකුළු කකුලක් ඇමරිකානු ඩොලර් 3.50ක් පමණ වන බවයි. "කුකුළෙකුගේ කකුල් දෙකක් ඩොලර් 7ක් පමණ වෙනවා. වත්මන් විනිමය අනුපාත අනුව එය රුපියල් 2,000කට අධික වටිනාකමක්. මෙය අපේ රටේ කුකුළු පාලන කර්මාන්තයට ලැබෙන ඉතා ඉහළ අගය එකතු කිරීමක්," යැයි ද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය. මෙම නව කර්මාන්ත ශාලා විවෘත කිරීමත් සමඟ මෙතෙක් අපතේ ගිය කුකුළු කකුල් වැනි අතුරු නිෂ්පාදන හරහා මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. New Poultry Facilities Set to Boost Chicken Exports in Sri Lanka In a significant move to enhance the local poultry industry, several new factories targeting the export of chicken meat and chicken feet are expected to open in the coming months, according to Namal Karunaratne, Deputy Minister of Agriculture and Livestock Resources. This initiative, driven by private sector involvement, aims to prepare chicken products in accordance with international standards before packaging and dispatching them to foreign markets. Karunaratne noted that the production process will intelligently manage microbial activities to ensure high-quality exports. Given the immense demand for chicken feet in countries like China, a dedicated factory is also set to be established to cater to this market. Highlighting the significant value in international trade, the minister revealed that the current market price for chicken feet is approximately $3.50. He elaborated, "The price for two chicken feet is around $7, which, based on the current exchange rate, exceeds 2,000 Sri Lankan Rupees. This represents a substantial value addition to our poultry sector." With the opening of these new factories, the government anticipates that the country will be able to achieve substantial foreign exchange earnings through the export of by-products like chicken feet, previously considered a waste. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad