
විනිසුරු වයසට එරෙහි විරෝධතා කුමන්ත්‍රණයක් දැයි සොයා බුද්ධි අංශ රිංගවයි
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව පැන නැගී ඇති විරෝධතා පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව රජයේ බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජතික පුවත්පත් වාර්තා කරයි. මෙම විරෝධතා සඳහා කිසියම් පාර්ශවයකින් බලපෑමක් හෝ පෙළඹවීමක් සිදුවන්නේද යන්න පිළිබඳව සොයා බලා රජයට වාර්තා කිරීම මෙම විමර්ශනයේ මූලික අරමුණ වී තිබේ. ඒ අනුව, විරෝධතාවලට නායකත්වය දෙන පිරිස් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග උපුටමින් එම වාර්තා සඳහන් කරයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයත් සමඟ නීතිඥ ක්ෂේත්‍රය සහ අධිකරණ පද්ධතිය තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා තිබේ. එමෙන්ම, සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මේ අතර, අධිකරණ ක්ෂේත්‍රය තුළ මතුව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස හඬ නැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය තීරණය කර තිබේ. රජයේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව මෙරට සිටින විදේශීය තානාපතිවරුන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන දැනුවත් කිරීමට ද විපක්ෂය පියවර ගෙන ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Google AdSense
In-Article Ad

