FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කැළණි ගගේ පහත් බිම්වල වෙසෙන ජනතාවට හදිසි දැනුම්දීමක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඉදිරි පැය 48 කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වනවිට වැඩි තිව්‍රතාවයකින් යුතුව සැළකිය යුතු වර්ෂාවක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ඉදිරියේදී ද වර්ෂාව ඇති විය හැකි බැවින් ගගෙහි ජලමට්ටම් ක්‍ෂණිකව ඉහළ යා හැකියි. ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන්, ගංගාව පරිහරණය කරන්නන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. .

Google AdSense

In-Article Ad