
අස්වැසුමේ මුදල් ලොකු වංචාවක...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එම අංශයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිනුමට මුදල් බැර නොකර එම නිළධාරින්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විගණන අංශය විසින් කල විමර්ෂණයකින් පසු නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් විසින් හැටන් කොට්ඨාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම නිළධාරින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත . 2025 වසරේ සිට මෙම මුදල් වංචාව සිදු කර ඇති බවත් , මෙම වංචා කල මුදල මීට වඩා වැඩි වන්නට ඇති බවත් , ඒ සදහා එම කාර්යාලයේ තවත් නිළධාරින්ගේ සහයෝගය ලැබී ඇත්දැයි යන්න පිලිබදව හැටන් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය මගින් විමර්ෂණය කරනු ලබයි . අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් තම අස්වැසුමට අදාළ මුදල් බැංකු ගිණුමට නොලද බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ලිඛිතව දැනුම් දිමෙන් පසු ඒ පිලිබදව සිදු කරන ලද මූලික විමර්ෂණයේදි මෙම මුදල් වංචාව අනාවරණය වි ඇත .
Google AdSense
In-Article Ad

