FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විනිසුරු විශ්‍රාම වයස නැංවීමට ජනමත විචාරණයක් අනිවාර්යයි…! – මහාචාර්ය ජී.ඇල්. පීරිස්…

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

තමන්ගේ නඩුව තමන්ට ඇසිය නොහැකි බවට නීති පද්ධතිය ආරම්භ වූ අවස්ථාවේ සිට ගරු කළ එක් මූලධර්මයක් ඇතැයි හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ වයස් නැංවීමේ නිත්‍යානුකූලභාවය පරික්ෂා කිරීමේ අයිතියක් එමගින් වාසි හිමිවන ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවන්ට නොමැති බවත් එය ඊට ඉහළ අධිකරණයකට භාරදිය යුතු බවද මහාචාර්යවරයා අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ 2/3ක් මගින් පමණක් මෙම නව නීතිය සම්මත කළ නොහැකි අතර එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ඇති ජනතා අධිකරණය ඉදිරියට ගෙන ගොස් ජනතම විචාරණයක් පැවැත්විය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරයි. විනිසුරු විශ්‍රාම වයස් ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කරන හේතු ව්‍යාජ බවත් නඩු ගොඩගැසීමේ ගැටලුව සහ ප්‍රතිකර්මය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද ජී.ඇල්. පීරිස් පෙන්වා දෙයි. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු පුරප්පාඩු අටක් තිබුණද ඒවා පිරවීමට මෙතෙක් කටයුතු කර නොමැති බවද ඔහු සඳහන් කරයි. මෙම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි බවත් ව්‍යවස්ථාවේ මූලික අංගවලට අත තැබීමට නම් ඒ සඳහා ඍජුව ජනතා කැමැත්ත ලබාගත යුතු බවද මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩි දුරටත් අවධාරණය කරයි. ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවක් අමතමින් ජී.එල්. පීරිස් මේ බව කීය.

Google AdSense

In-Article Ad