FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජපානයේ ප්‍රබල භූ කම්පනයෙන් 13ක් මරුට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ජපානයේ දකුණු දිග කුමමොටෝ ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව එරට අග්‍රාමාත්‍ය සනාඒ ටකායිචි තහවුරු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි, වෙළඳ සංකීර්ණ සහ කර්මාන්තශාලා රැසකට දැඩි හානි සිදුව ඇති අතර සිය ගණනක් තුවාල ලබා ඇති බවයි. මේ අතර, භූ කම්පන විශේෂඥයින් පවසන්නේ මෙම භූ කම්පනය 2016 වසරේ කුමමොටෝ ප්‍රදේශයට බලපෑ විනාශකාරී භූ කම්පනවලින් පසු කැඩී නොගිය හිනාගු භූ දෝෂ කලාපයේ කොටසක් සක්‍රීය වීමෙන් ඇතිවන්නට ඇති බවයි. කෙසේ වෙතත්, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මෙය 2016 භූ කම්පන සමඟ සෘජුව සම්බන්ධ බව මෙතෙක් තහවුරු කර නැහැ. ජපාන ආපදා කළමනාකරණ අංශ, හමුදාව සහ ගුවන් හා නාවික බලකා එක්ව මුදා ගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටිනවා. .

Google AdSense

In-Article Ad