
ලබන වසරේ ආර්ථික සැලසුම් ගැන ජනපති කතා කරයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍යය පවත්වාගෙන යාම වෙනුවෙන් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බවත්, ඒ අනුව 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ටි්‍රලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය 40%ක පමණ වැඩිවීමක් බවත් ජනාධිපතිවරයා කියා සිටියා. ගාල්ල දිස්ත්රියක් ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඇතුළුව ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බලා තිබෙනවා. .
Google AdSense
In-Article Ad

