
චමින්ද විජේසිරිට රෙදි ගලවා ජම්පර ගස්සයි... මන්ත‍්‍රීකම අහෝසියි... ඡන්දෙ ඉල්ලන්ත් බෑ... දෙන්නත් බෑ!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම කළ හැකි වරදකට, මාස හයකට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමට අධිකරණය තීන්දු කළහොත්, අදාළ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය වහාම අහෝසි වන බව නීතිඥ, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තිය ප්‍රකාරව මෙම නීතිමය තත්ත්වය උදාවන බව පෙන්වා දෙන ඒ මහතා, එවැනි දඬුවමකට ලක්වන පුද්ගලයෙකුට වසර හතක කාලයක් යනතුරු මැතිවරණයකට ඉදිරිපත් වීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට පවා නීතිමය හිමිකමක් නොමැති බව අවධාරණය කළේය. සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට බදුල්ල මහාධිකරණය මගින් වසර එකහමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමත් සමඟ ඔහුගේ මන්ත්‍රී ධුරය පිළිබඳව නීතිමය ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත්, අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරයා ඇපෑලක් හෙවත් අභියාචනයක් ඉදිරිපත් කළහොත්, එම අභියාචනා ක්‍රියාවලිය අවසන් වනතුරු මන්ත්‍රී ධුරය අහෝසි නොවන බව ද මහානාමහේවා මහතා පෙන්වා දෙයි.
Google AdSense
In-Article Ad

