FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විනිසුරුවරුන්ට අලුත් වයස් සීමාවක්... කැබිනට් තීරණය එළියට!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම ගත යුතු වයස ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. අභියාචනාධිකරණයේ අධිකරණ බලය ප්‍රාදේශීයව ක්‍රියාත්මක කිරීම සහ මහාධිකරණවල පවතින ඉහළ නඩු සංඛ්‍යාව ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව මෙන්ම ඔවුන්ගේ සේවා කාලය ඉහළ නැංවීමේ අවශ්‍යතාව පදනම් කරගනිමින්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දී ඇත.

Google AdSense

In-Article Ad