
රඛිත ඇප මත නිදහස් වෙද්දී – ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වූ චරිත් යළි බන්ධනාගාරය
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ එක්දහස් දෙසීයක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කළේය. සැකකරුවන් මුදා හැරීම සඳහා අධිකරණය විසින් නියෝග කර තිබුණේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප දෙකක් යටතේය. කෙසේ වෙතත්, අදාළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් චරිත් අබේසිංහ නැවතත් රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
Google AdSense
In-Article Ad

