FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අධිකරණ ඇමතිට ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඉවත් වන්නැයි දන්වයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට සූදානම් වන පනත් කෙටුම්පතට ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සිය විරෝධය පළ කරයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව කිසිදු සඳහනක් නොමැති බවයි. "එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සඳහන් වෙනවා. එය ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝකාලීන ප්‍රතිපත්තියක්. නමුත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන එහි කොහේවත් නැහැ," යැයි ඔහු පැවසීය. අධිකරණ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ජීවිත කාලීන සාමාජිකයෙකු බව සිහිපත් කළ සුමන්තිරන් මහතා, අධිකරණයේ ස්වාධීනත්වයට බාධා පමුණුවන සහ අධිකරණය අත්පත් කර ගැනීමේ අරමුණින් යුතුව මෙවැනි පනතක් ඉදිරිපත් කිරීම නීති වෘත්තිකයෙකු ලෙස ඔහුට නොගැලපෙන ක්‍රියාවක් බව ද සඳහන් කළේය. අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවකින් ජයග්‍රහණය කළ ද, මෙවැනි පනත් කෙටුම්පතක් ගෙන එන්නේ නම් ඔහු සිය ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බව සුමන්තිරන් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad