FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂට ඇප!

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) නියෝග කළා. ඉකුත් නඩු දිනයේ සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, අද දින ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි. ශරීර ඇපකරුවන් ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපළ පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ සඳහන් වූ අතර සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවටත් සඳහන් කළා. ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 08 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන "හරක් කටා" නමැත්තා රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තුන්දෙනා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Google AdSense

In-Article Ad