
පේරාදෙණිය රෝහලේ ටෙන්ඩරයක් ලබාගැනීමට අල්ලස් ගත් දෙදෙනෙකු අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ 2027 වසර සඳහා ආහාර ද්‍රව්‍ය සැපයීමේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් අල්ලස් ලබාගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ගම්පොල තැපැල් කාර්යාලය අසල රථ ගාලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරුවන් එම ටෙන්ඩරයට අදාළව රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ඉල්ලා පසුව එය ලක්ෂ 20 දක්වා අඩුකර එම මුදල ලබාගැනීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිළිකරුට අදාළ රෝහල් ආහාර සැපයීමේ ටෙන්ඩරය ලබා ගැනීමට හැකි වන පරිදි සැකකරු විසින් තම පියාගේ සහ මාමාගේ නමින් ලබාගෙන තිබූ ටෙන්ඩර් අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට එම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. .
Google AdSense
In-Article Ad

