FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාස්කු ප්‍රහාර විමර්ශනවලට සලේ බාධා කළ ආකාරය උසාවියේදී හෙළිවේ... ගෝඨා ලවා සාරාගේ DNA පරීක්ෂණය කරවූ හැටිත් අනාවරණය කරයි

FM Heart · 4 min read

Google AdSense

After Featured Image

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරියගෙන් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වේ. පෙත්සම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ස්වාමීනී… පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට පෙත්සම්කාර සුරේෂ් සලේ විසින් බාධාකර තිබෙන ආකාරය එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ ප්‍රසාද් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙන කටඋත්තරේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. 2019 වසරේ සයින්දමරුදු ප්‍රදේශයේ ඇති වූ පිපිරීමකින් ” සාරා ජස්මින්” නමැති කාන්තාවක් මියනොගිය බවටත් ඇය ඉන්දියාවට පලාගිය බවටත් කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියාකාරව විමර්ශන නොකළ බවට සුරේෂ් සලේ මහතා විමර්ශන සමාලෝචන රැස්වීම්වලදී චෝදනා මුඛයෙන් කතාකර තිබුණා. සාරා ජස්මින් නමැති කාන්තාව එම ස්ථානයේදීම මිය ගිය බවටත් ඩී.එන්.ඒ. පරීක්ෂණ හරියාකාරව සිදු නොකළ බවටත් සුරේෂ් සලේ මහතා අවස්ථා ගණනාවකදීම චෝදනා කර තිබූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. සුරේෂ් සලේගේ මතය වුණේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් නැවත සිදුකළ යුතු බවයි. ඒ අනුව ජනාධිපතිතුමා ලවා එම කාර්යය ඔහු ඉටුකර ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදී තිබෙන ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම ප්‍රකාශය 2026 වසරේ මාර්තු මස 11 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් කර තිබෙනවා” යනුවෙන් කියා සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය මේ හරහා පෙත්සම්කාර සුරේෂ් සලේ විසින් මෙම විමර්ශනවලට මැදිහත් වී ඊට බාධා සිදු කළ ආකාරය මනාව පැහැදිලි වන බවත් පැවසුවාය. වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ” පෙත්සම්කාර සුරේෂ් සලේ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා 2019 වසරේ ජනවාරි මස 03 වනදා තමන් ආරක්ෂක පාඨමාලාවක් සඳහා ඉන්දියාවට පිටව ගොස් නැවත පැමිණියේ එම වසරේ දෙසැම්බර් මස බවට. මේ නඩුකරය සමග පෙත්සම්කරුගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ මෙන්ම රාජකාරී විදේශ ගමන් බලපත්‍ර වල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබුණා තමන් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජකාරී අවසන් වී පැමිණීමෙන් පසුව සිය රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට බාරදුන් බවට. නමුත් ඔහු මෙම නඩුකරයට එම රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කර තිබෙනවා. එම විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට බාරදුන්නා නම් එහි සත්‍ය පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කෙසේද? ඕනෑම විදේශ ගමන් බලපත්‍රයක පිටු 64 ක් පවතිනවා. නමුත් ඔහුගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයෙන් අධිකරණයට ඉදිරිපත් කළ තිබෙන්නේ තෝරගත් පිටු 17 ක් හෝ 18 ක් පමණයි. රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ පිටු හතරක් පමණයි අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔහුගේ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ 56 වන පිටුවේ මුද්‍රා කිහිපයක් දකින්නට තිබෙනවා. 2019 වසරේ මැයි මස දා 18 වනදා ඉන්දීය ආගමන හා විගමන අංශයේ මුද්‍රාවක් තිබෙනවා. එහි සඳහන් වෙනවා “ඩිපාචර්” (Departure) යනුවෙන්. ඉන් පසුව 2019 වසරේ ජූනි මාසයේ ඉන්දියානු ආගමන හා විගණන අංශයේ තවත් මුද්‍රාවක් දකින්නට තිබෙනවා. එහි සඳහන් වෙනවා “එන්ටර්ඩ්” (Entered) යනුවෙන්. පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂක පාඨමාලාව සඳහා ඉන්දියාවට පිටව ගිය පසු එරටින් බැහැර නොවූ බවට. එසේ නම් මෙම මුද්‍රාවලින් ඔහු ඉන්දියාවෙන් බැහැර වී තිබෙන බව පැහැදිලි වෙනවා. මෙම විමර්ශනවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීලා තිබෙනවා. ඒ තුළින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා තිබෙනවා පාස්කු ප්‍රහාරයට මාසයකට හෝ මාස එකහමාරකට පමණ පෙර එවක යුද හමුදාපතිව සිටි මහේශ් සේනානායක මහතා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී බ්‍රිගේ සුරේෂ් සලේට තමන් හමුවීමට අවශ්‍ය බව දැනුම් දුන් බව. එම අවස්ථාවේදී තමන් කාර්යබහුල තත්ත්වයක නොසිටි බැවින් තමන් හමුවන ලෙස දැනුම් දුන් බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා. අසාද් මවුලානාගේ ප්‍රකාශයේත් සදහන් වෙනවා එම වකවානුවේ සූරේෂ් සලේ ශ්‍රී ලංකාවේ සිටි බවට. ස්වාමීනි… මේ කරුණු කිසිවක් පෙත්සම්

Google AdSense

In-Article Ad