
විනිසුරු වයස වැඩි කිරීම අශිෂ්ඨයි.. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ... මට කට වහං ඉන්න කිවුවා - මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඇති යෝජනාවට ජාතික ජන බලවේගයේ විධායක සභාවේ සාමාජික, නීතිඥ ලාල් විජේනායක මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, තමා නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය මෙහෙයවන රජයක මෙවැනි යෝජනාවකට තමා එරෙහි වන්නේ මූලධර්ම මත පදනම්ව බවයි. "මම ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ ඉන්න කෙනෙක්. ඇයි මම මේකට විරුද්ධ වෙන්නේ. මම ඉන්න npp විධායක සභාවක හෝ වෙන කිසිම සභාවක විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන මෙහෙම තීරණයක් අරන් නෑ. මම මේ ගැන ඇහැව්වම කිව්වා මට කට වහගෙන ඉන්න කියලා. මම අවුරුදු 55 ක් නීතීඥ වෘත්තියේ හිටියා. අවුරුදු 60 ක් වාමාංශික ව්‍යාපාරයේ හිටියා. මගේ දේශපාලනය ගොඩනැගුනෙ දර්ශනයක් ප්‍රතිපත්තියක් මත ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන්. අපි අධිකරණයේ ස්වාධීනත්වය ගැන කරපු එකම සටන මේක නෙමයි ෆීලීක්ස් ඩයස් ,ජේ .ආර් ජයවර්ධන, නිහාල් ජයවික්‍රම වගේ අයත් එක්ක මට සටන් කලා. ඒ එකම අරමුණ ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය සදහා. ඒ නිසා අදත් මම සටන් කරනවා ඒ වෙනුවෙන්. මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් මෙම කරුණ සම්බන්ධයෙන් තමා ප්‍රශ්න කළ අවස්ථාවේදී තමාට නිහඬව සිටින ලෙස බලපෑම් එල්ල වූ බවද ඔහු මෙහිදී අනාවරණය කළේය. "මම මේ ගැන විමසූ විට මට ලැබුණු පිළිතුර වුණේ කට පියාගෙන ඉන්න කියන එකයි," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. විවිධ පාලන සමයන්හිදී අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ තමා, වත්මන් යෝජනාවට එරෙහි වන්නේද එම කැපවීම මත පිහිටා බව ඔහු අවධාරණය කළේය. මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අශිෂ්ට එකක් බව හඳුන්වා දුන් ඒ මහතා, අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් තමා අඛණ්ඩව සටන් කරන බවද ප්‍රකාශ කළේය.
Google AdSense
In-Article Ad

