FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ප්‍රයිම් ලෑන්ඩ්ස් විකුණන “ද ෆිව් – නාවල” ඉඩම රජයේ එකක් බවට අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

වසර 1998 දී 99 අවුරුදු බදු පදනම යටතේ, වගා කිරීමේ පදනම මත ලබාගත් නාවල කොස්වත්ත පාරේ පිහිටි අක්කරයක පමණ ඉඩමක් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම විසින් කට්ටිකර විකිණීමට යන බව කියමින් කෝට්ටේ නාගරික මන්ත්‍රීනී වී.ඒ. හර්ෂනී සඳරුවනි විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ. මේ ඉඩම මුලින්ම මෙසේ බදුගෙන ඇත්තේ හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ බිරිඳ වන තමරා දිසානායක මහත්මිය විසින් බවද පැවසේ. කෙසේවුවද, මෙසේ ලිඛිතව ලබාගත් අදාළ අක්කරයක පමණ වන ඉඩම මේවන විට පහත්බිම් ගොඩකරමින් අක්කර 5ක පමණ ප්‍රමාණයක් දක්වා විශාල කරගෙන ඇති බවද මන්ත්‍රීවරිය සිය පැමිණිල්ල මගින් කියා සිටී. එසේ 1998 වසරේදී ලබාගත් ඉඩමට අදාළ පිඹුර පහත දක්වා තිබේ. මන්ත්‍රීවරිය පවසා සිටින ආකාරයට අදාළ ඉඩම ගොඩකිරීම ආරම්භ කර ඇත්තේ 1994 වසරේදීය. එම අවස්ථාවේදී ද තමා එයට විරුද්ධ වූ බවද ඇය සඳහන් කරයි. මේ අතර, අඩි 15ක් පමණ වූ මේ ඉඩමේ පිවිසුම් මාර්ගය දැනට ඉඩම විකිණීමට උත්සාහ කරනු ලබන ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය විසින් එහි අසල්වාසීන්ගේ ඉඩම්වලින් වැඩිමිලට ලබාගත් කොටස් ඔස්සේ අඩි 20ක් පමණ විශාල කර ඇති බවත්, එයට තාර යොදා කාපට් කරනු ලැබුවේ වත්මන් මාලිමා ආණ්ඩුව විසින් බවටත් චෝදනා එල්ල කරයි. එම පාර තවත් ඉඩම් තුනකට පිවිසුම් මාර්ගය වන බවත්, කෙසේවුවද අදාළ මාර්ගය කෝට්ටේ නගරසභාවට පවරා ගැනීමට අදාළ නිවැසියන් එකඟවද නැති බවත්, එසේ තිබියදී එය නගර සභාව විසින් කාපට් කිරීම කිසියම් අල්ලස් කටයුත්තක් මත සිදුවූවක් බවට සැකයක් ඇති බවද හර්ෂනී සඳරුවනි සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ. ප්‍රයිම්ලා විකුණන්න ගැහුව බෝඩ්වලටත් නගරසභාවට බදු ගෙවල නෑ මේ අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් ද ෆිව් – නාවල ( THE FEW – NAWALA ) යන නමෙන් මේ ඉඩම විකිණීමට විශාල බෝඩ් ගසා ඇත්තේ කෝට්ටේ නගරසභාවට ඒ වෙනුවෙන් ගෙවිය යුතු බදු මුදල් ද නොගෙවා බව පසුගිය නගර සභාවාරයේදී හෙළිවූ බවද ඇය කියා සිටී. කෙස්වුවද, මාලිමාව විසින් ක්‍රියාත්මක කෝට්ටේ නගරසභාවේ නගරාධිපති අරෝෂ අතපත්තු මහතා අදාළ ඉඩමට ඔප්පුවක් ඇති බවත්, ඒ නිසා අදාළ ඉඩම් කට්ටිය වරිපනම් ලේඛනයට ඇතුළු කළ බවත් පැවසුයේයැයි නාගරික මන්ත්‍රීනිය “ශ්‍රී ලංකා මිරර්” සමඟ පැවසුවාය. මේ අතර මීට සය මාසයකට පමණ ඉහතදී රජයට අයත් මෙම ඉඩමට ඔප්පු සකස්කර ඇති බවත්, ඒ සම්බන්ධව සොයා බලන ලෙස ඉල්ලමින් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත්, ඒ සම්බන්ධයෙන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබුණද මෙතක් ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් සිදුව නොමැති බවට ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ පිරිස් අප සමඟ කියා සිටියේය. ඉඩම කට්ටි 30කට කඩලා; පර්චසයක අවම වටිනාකම මිලියන 4.7කි ප්‍රයිම්, අදාළ ඉඩම සිය නිල වෙබ් අඩවිය හරහා විකිණීම මේවන විට ද ආරම්භ කර ඇති අතර ඒ අනුව අදාළ ඉඩම කොටස් 30කට බෙදා වෙන්කර තිබේ. මෙහි පර්චසයක අවම මිල ලෙස සටහන් කර ඇත්තේ රුපියල් මිලියන 4.7ති. කවුද මේ ප්‍රයිම් ලෑන්ඩ්ස් බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය අයත් ප්‍රයිම් සමූහයේ සභාපතිවරයාය, එම සමූහයේ සභාපතිනිය වන්නේ සඳමිනි පෙරේරා මහත්මියයි, ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රුමින්ද රන්දෙනිය කටයුතු කරන අතර නලින්ද හීනටිගල, අනුර පතිරගේ, දිනූෂා ප්‍රනාන්දු හා ෂෙහානා බ්‍රාහ්මණගේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිති. (වීඩියෝ : වී NEWS) -srilankamirror The Few – Nawala

Google AdSense

In-Article Ad