
විශ්වාස භංගය ජයගත් අධිකරණ ඇමති වෙනුවෙන් යෝධ කටවුට්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙනුවෙන් මොරටුව ප්‍රදේශය පුරා විශාල ප්‍රමාණයේ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කර තිබේ. අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ සත්‍ය කරුණු වටහාගෙන, එය පරාජය කිරීමට සහයෝගය ලබාදුන් අග්‍රාමාත්‍යතුමියටත්, කැබිනට් මණ්ඩලය ඇතුළු සියලුම අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තුතිය පළ කිරීම මෙම බැනර් මඟින් සිදු කර ඇත. මෙම ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීමේ වගකීම මොරටුව ජනතාව විසින් භාරගෙන ඇති බව ද එම බැනර්වල සඳහන් කර තිබේ.
Google AdSense
In-Article Ad

