FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බිත්තර මිල තවත් ඉහළට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බිත්තර මිල අද සිට තවත් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. බඩ ඉරිඟු හිඟය සහ අධික උෂ්ණත්වය නිසා බිත්තර නිෂ්පාදනය කැපීපෙනෙන ලෙස අඩුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව මිල වැඩි නොකර කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව ද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවා. සෙසු සත්ව ආහාරවල මිලද වැඩි වී ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ අනුව සුදු බිත්තර තොග මිල රුපියල් 43ක් සහ රතු බිත්තර තොග මිල රුපියල් 44ක් දක්වා අද සිට වැඩි කිරීමට සිදුවන බවයි සරත් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර බිත්තර සිල්ලර මිල ඇතැම් ප්‍රදේශවල මේ වනවිට රුපියල් 50 පමණ දක්වා ද ඉහළ ගොස් තිබෙනවා. .

Google AdSense

In-Article Ad