
ගැරහුම් සහ තර්ජනවලින් සම්බදු සසුන රැකගැනීමට මහ සඟරුවන පෙළගස්වන මහා සග සමුළුව අද
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සම්බුද්ධ ශාසනය, මහා සංඝරත්නය සහ බෞද්ධ ආගමික ඇතැම් සිද්ධාස්ථාන නිග්‍රහයට ලක්කරමින් සිදුකෙරෙන ද්වේශ සහගත ප්‍රකාශ සහ ක්‍රියාවන්ට එරෙහිව සංවිධාන කෙරෙන මහා සඟ සමුළුව කොළඹදී අද පැවැත්වෙනවා. සම්බුද්ධ ශාසනයේ, මහා සංඝරත්නයේ සහ බෞද්ධ ආගමික සිද්ධාස්ථානවල ආරක්ෂාව උදෙසා සංඝ සමාජය එකමුතු කිරීම සදහා සුදුසු තීරණවලට කඩිනමින් එලැඹීම මෙහි අපේක්ෂාව බවයි මේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ එහි සම්බන්ධිකාරක පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම රජයට පැවරී ඇති වගකීමක් බව මෙහිදී සිහිපත් කෙරුණා. එම වගකීම සක්‍රීයව ඉටුකරන ලෙස වගකිවයුත්තන්ට බල කර සිටීම ද අද පැවැත්වෙන මහා සඟ සමුළුවේ අපේක්ෂාවක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත් මෙම සඟ සමුළුව ආණ්ඩු විරෝධී හෝ යම් පුද්ගල හෝ කණ්ඩායමක් බලගැන්වීමේ අරමුණින් සිදු කරන්නක් නොවන බව ද පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අවධාරණය කළා. අද පස්වරු 2ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී සමුළුව ආරම්භ කිරීමට නියමිතයි. .
Google AdSense
In-Article Ad

