
දෙවිනුවර පෙරහැරෙන් කාවඩි ඉවත් කරයි
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහැරෙන් මෙවර කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත කරන ලද ලිඛිත නිර්දේශයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. පොලිස්පතිවරයාගේ මෙම නිර්දේශය මත ක්‍රියාත්මක වූ මාතර දිස්ත්‍රික් ලේකම් වන්දනා තිලකරත්න මහතා, දෙවිනුවර බස්නායක නිලමේවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙවර පෙරහැරෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස දැනුම් දී ඇත. ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ. එම බුද්ධි වාර්තාවලට අනුව, කාවඩි කණ්ඩායම් තෝරා ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර මතභේදයක් හටගෙන ඇති අතර, ඇතැම් පාර්ශ්වවලින් බරපතල තර්ජන ද එල්ල වී ඇති බව අනාවරණය වී ඇත. ජූලි 28 වැනිදා පැවැත්වෙන මහා පෙරහැර නැරඹීමට අතිවිශාල ජනකායක් සහභාගී වීමට නියමිත බැවින්, මහජන ආරක්ෂාවට එල්ල විය හැකි ඕනෑම අවදානමක් අවම කිරීම පොලිසියේ අරමුණ වී තිබේ. (function () { var url = window.location.href; // Facebook Share document.getElementById("fbShare").href = "https://www.facebook.com/sharer/sharer.php?u=" + encodeURIComponent(url); // WhatsApp Share (LINK ONLY) document.getElementById("waShare").href = "https://api.whatsapp.com/send?text=" + encodeURIComponent
Google AdSense
In-Article Ad

