FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බෙල්ලන්විල වෙඩි තැබීමේන් මිය ගිය පුද්ගලයා ගැන තවත් අනාවරණයක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

බෙල්ලන්විල ඊයේ කෙරුනු වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුවනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩිතැබීම සිදුකළ බව කියන වෙඩික්කරු සහ ඔහු පැමිණි බව කියන යතුරුපැදියේ පැදිකරුවායි. වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයා යුද හමුදාවෙන් පලා ආ අයෙකු බව මීට පෙර අනාවරණ වුණා. වැඩිදුර විමර්ශනවලදී දැන් අනාවරණ වී තිබෙන්නේ ඔහු මින්නේරිය යුධ හමුදා කඳවුරෙන් ගිනි අවි අස්ථානගත කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබූවෙකු බවයි. වෙඩි තැබීම ඊයේ රාත්‍රී 7.45ට පමණ සිදු වුණා. එයින් පැයක් පමණ ඇතුළත සැකකරුවන් දෙදෙනා කොටු කර ගැනීමට පොලිසිය සමත්වීම විශේෂත්වයක්. සැකකරුවන් මෙලෙස කොටු කර ගැනුනේ රනාල ප්‍රදේශයේදීයි. ඔවුන් සන්තකේ තිබී අයිස් මත්ද්‍රව්‍යයද සොයාගෙන තිබෙනවා. අපරාධය සඳහා යොදාගත් බව කියන යතුරුපැදියද විමර්ශනවලදී සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ. වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියගියා. ඔහු 55 වියේ පසු වූවෙක්. මෙම වෙඩි තැබීම සිදු වුණේ බෙල්ලන්විල ඇවිදින මන්තීරුව අසල අවන්හලක් ඉදිරිපිටදීයි. මියගිය පුද්ගලයා අවන්හලේ හිමිකරු බව ද පැවසෙනවා. මේ පිළිබඳ ලැබුණු මූලික තොරතුරු වලින් වැඩිදුරටත් කියවුණේ මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කොස් මල්ලි නමැත්තාගේ දුරින් ඥාතියකු බවයි. කොස් මල්ලි පාර්ශවය සමග කලක් තිස්සේ ගැටුම් ඇතිකර ගන්නා බඩෝවිට අසංක සහ සැන්ඩෝ පාර්ශවය විසින් වෙඩි තැබීම මෙහෙයවා ඇතැයි ද කෙරෙනවා. . ]]>

Google AdSense

In-Article Ad