
“සුපිළිපන් සංස්කෘතියක් – Clean ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පොලිස් නිලධාරීන් ද දිවුරුම් දෙයි
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
“සුපිළිපන් සංස්කෘතියක් – Clean ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පොලිස් නිලධාරීන් ද අද දිවුරුම් දුන්නා. පොලිස් මූලස්ථානය ප්‍රධානව දිවයිනේ සෑම පොලිස් කොට්ඨායකම රාජකාරි ඉටුකරන පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩල නිලධාරීන් ඊට අදාල දිවුරුම් දීම සිදුකළා. ජනාධිපති ලේකම් කාර්යාලය හා Clean ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ජූලි මස 31 වන දිනය දක්වා ප්‍රකාශයට පත්කළ ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ. “සුපිළිපන්භාවය (Integrity)” යනු අල්ලස හා දූෂණය පිටු දකිමින් ස්වයං විනය, ස්වයං පාලනය සහ ස්වයං අධීක්ෂණය මත පදනම්ව හෘද සාක්ෂියට එකඟව, විනිවිදභාවයෙන් සහ සදාචාරාත්මකව රාජකාරි ඉටුකිරීම ලෙස හැදින්වෙනවා. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් මූලස්ථානයේදී සියළු නිලධරයන් ඉදිරියේ දිවුරුම කියවා ඉහත සුපිළිපන් ප්‍රතිපත්තිවලට අනුකූලව සෑම පොලිස් නිලධාරියෙකු මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත සිවිල් නිලධාරීන් රාජකාරි ඉටුකළ යුතු බවත් මහජනතාවට ශ්‍රී ලංකා පොලිසියේ සේවය තවදුරටත් විධිමත්ව කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව ලබා දිය යුතු බව එහිදී දැනුම් දී තිබෙනවා. පොලිස් පරිපාලනය භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා විසින් ඊට අදාළ කරුණු එහිදී වැඩිදුරටත් පැහැදිළි කළ බවයි පොලීසිය පැවසුවේ. දිවයිනේ සියළු පොලිස් කොට්ඨාස කාර්යාල හා පොලිස් ස්ථානද මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ වි තිබෙනවා. අනතුරුව ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ සුපිළිපං නිර්නායකයන්ට අනුව ශ්‍රී ලංකා පොලිසිය සැකසූ පොලිස් නිලධාරීන් සුරැකිය යුතු ආචාරධර්ම පිළිබඳ දිවුරුම සෑම පොලිස් නිලධාරියෙක්ම ලබා දෙනු ලැබුවා. ජාතික සුපිළිපන් සතියේ දින පහ සඳහා වෙන් වෙන් වශයෙන් තේමා හදුනා දී තිබෙන අතර පොලිසිය ඒ් සඳහා ඉදිරි දින කිහිපය තුළ විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

