
නදීකා පුෂ්පකුමාරි බොක්සින් කිලෝ ග්‍රෑම් 51 බරපන්තියෙන් අවසන් අට දෙනාගේ වටයට – මීටර 110 කඩුලු මතින් දිවීම 7 වන ස්ථානය රොෂාන්ට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 110 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ 7 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රොෂාන් රණතුංග සමත් වුණා. ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 14යි දශම 0යි 5ක්. ජමෙයිකාවේ ඩෙමාරියෝ ප්‍රින්ස් මෙහි රන් පදක්කමති දිනාගත්තා. ඔහු තරඟය නිමා කළේ තත්පර 13යි දශම 1යි 7ක කාලයකින්. එංගලන්තයේ සැමුවෙල් බෙනට් තත්පර 13යි දශම 3යි 0ක දක්ෂතාවක් දක්වමින් තරගයේ රිදී පදක්කම දිනා ගත්තා. ලෝකඩ පදක්කම දිනා ගත්තේ සයිප්‍රසයේ මිලාන් ටැජ්කොවික්. ඔහු තරඟය නිමාකලේ තත්පර 13යි දශම 3යි 2ක කාලයකින්. මේ අතර බොක්සින් කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 51 බරපන්තියෙන් අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට බ්ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි සමත් වුණා. ඒ අවසන් 16ය දෙනාගේ වටයේදී ස්කොට්ලන්ත ක්‍රිඩිකා බෘක් නීලී පරාජය කරමින්. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරඟය නදීකා පුෂ්පකුමාරි විසින් ජයගත්තේ ලකුණු 3ට 3ක් ලෙසයි. කෙසේ වෙතත් බොක්සින් පිරිමි කිලෝ ග්‍රෑම් 60 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ රවිදු ජයනාත් අවසන් 16ය දෙනාගේ වටයේදී ඊයේ පරාජය වුණා. ඒ ප්‍රතිවාදී ක්‍රීඩක නීල් ඇඩම්ස් හමුවේයි. අවසන් තරග ප්‍රතිඵලය ලකුණු හතරට එකක් වුණා. පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවරදියි. .
Google AdSense
In-Article Ad

