
අමෙරිකාවේ වෙඩි තැබීමක් – වසර තුළ සමූහ වෙඩි තැබීම් 271
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමෙරිකාවේ සැටල් නගරයේ සුප්‍රසිද්ධ ස්පේස් නීඩ්ල් කුළුණ අසල පැවැති ආහාර ප්‍රදර්ශනයක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි අමෙරිකානු මාධ්‍ය පවසන්නේ. කුඩා දරුවෙකු ද ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සැටල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නගරාධිපති කේටි විල්සන් පවසන්නේ. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇය මුලින් ප්‍රකාශ කළ ද, පසුව ඇය එම නිවේදනය සංශෝධනය කර තිබුණා. ඇමරිකාවේ පුද්ගලයන් හතර දෙනෙකු හෝ ඊට වැඩි පිරිසකට වෙඩි වැදීමේ සිදුවීම් “සමූහ වෙඩි තැබීම්” ලෙස වර්ගීකරණය කෙරෙනවා. මෙම වසර තුළ පමණක් එවැනි වෙඩි තැබීම් 271 සිදුව තිබෙනවා. .
Google AdSense
In-Article Ad

