FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහින්ද කෝටි 100ක් අල්ලස් ගත්තා යයි පැමිණිල්ල ගැන සචින් වාස්ගෙන් පැය පහක් ප‍්‍රශ්ණ කරයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හමුදා මූලස්ථානය පිහිටි භූමිය ෂැන්ග්‍රි-ලා හෝටල් ව්‍යාපෘතිය සඳහා පවරා දීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට වන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඊයේ (27) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. කොමිසම මගින් කරන ලද කැඳවීමකට අනුව එහි පැමිණි ඒ මහතා පැය තුනකට ආසන්න දීර්ඝ කාලයක් තිස්සේ අදාළ සිදුවීමට අදාළව ප්‍රකාශ සටහන් කරදීමෙන් අනතුරුව පිටව ගොස් ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව යොමු කර ඇති මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි. සිංගප්පූරුවේ වෙසෙන 'විදම්බරම්' නැමැති තැනැත්තෙකු විසින් ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශයකට අනුව, මෙම අල්ලස් මුදල 'TPI Itma' නැමැති උපදේශන සමාගම හරහා හුවමාරු වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. මීට පෙර සජින් වාස් ගුණවර්ධන මහතා විසින් මාධ්‍ය හමුවේ දක්වන ලද අදහස් පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල සකස් කර ඇත. එසේම, අදාළ මුදල CSN මාධ්‍ය ජාලය වෙත ලබාදී ඇති බවට පැමිණිල්ලේ සඳහන් වීම හේතුවෙන් ඒ පිළිබඳ වැඩිදුර කරුණු විමසීමට මෙලෙස ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Google AdSense

In-Article Ad