
අනං මනං කියලා හරියන්නේ නෑ... නිදහස් කරන්නනේ තියෙන්නේ... මිනිස්සු කලබල වෙලානේ ඉන්නේ - ඥානසාර හිමි ගැන අස්ගිරි මහ නාහිමි (Video)
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අනෙකුත් නීති රීති හෝ චක්රලේඛ සංශෝධන ඉදිරිපත් කිරීම පසෙකලා උන්වහන්සේ වහා නිදහස් කිරීමට පියවර ගත යුතු බවත්, මේ වන විට රටේ ජනතාව කලබලයට හා නොසන්සුන්තාවට පත්ව සිටින බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකගොඩ ශ්රී ඥානරතන මහානාහිමිපාණන් වහන්සේ අවධාරණය කළහ. බන්ධනාගාර කොමසාරිස් මෙන්ම ඇතුළු ජ්යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මහනුවර අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහානායක හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මෙම දැඩි ප්රකාශය සිදුකළහ. එම හමුවේදී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් විසින් මහානායක හිමියන් වෙත කරුණු දක්වමින්, බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලාගේ විනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින නීති රීති මෙන්ම ඊට අදාළ බන්ධනාගාර චක්රලේඛ සංශෝධනය කිරීම සඳහා නව කෙටුම්පතක් සකස් කරමින් පවතින බවත්, ඒ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට පැමිණි බවත් සඳහන් කරමින් අදාළ ලේඛනයක්ද උන්වහන්සේ වෙත භාරදෙනු ලැබීය. නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සාවධානව අසා සිටි අස්ගිරි මහානාහිමියෝ ඊට සෘජු ප්රතිචාර දක්වමින් මෙසේ ප්රකාශ කළහ. "ඔය අනං මනං කියලා හරියන්නේ නෑ... නිදහස් කරන්නනේ තියෙන්නේ. මිනිස්සු කලබල වෙලානේ ඉන්නේ. නිදහසක් තියෙන්නත් එපැයි..."
Google AdSense
In-Article Ad

