
අග්බෝටත් වෙඩි තියලා යයි පුවතකින් සමාජ ජාලා කැළඹෙයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. අලි සම්පත ආරක්ෂා කරගැනීමේ ජාතික අවශ්යතාවය සැලකිල්ලට ගනිමින්, අදාළ රාජ්ය ආයතනවල පූර්ණ සහයෝගය ඇතිව අග්බෝ ඇතා සොයාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීමට ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම හමුදා කණ්ඩායම යොමු කර ඇත. පසුගිය දිනක රාත්රියේ සිප්පිකුලම ප්රදේශයේදී ගම්වැසියෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්රහාරයකට අග්බෝ ගොදුරු වී ඇති බවත්, ඉන් අනතුරුව හස්තියා වනාන්තරගතව අතුරුදන්ව ඇති බවත් දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය විය. මේ හේතුවෙන් වනජීවී ලෝලීන් ඇතුළු මහජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව වහා සොයා බලා ඇතාගේ ජීවිතය බේරාගැනීමට මැදිහත් වන ලෙසයි. කෙසේ වෙතත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ප්රකාශ කර ඇත්තේ, අග්බෝ හස්තියාට නැවත වෙඩි ප්රහාරයක් එල්ල වූ බවට මෙතෙක් කිසිදු නිල තොරතුරක් වාර්තා වී නොමැති බවයි. අවසන් වරට පසුගිය සිකුරාදා (16) දින තිරප්පනේ ප්රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් අග්බෝ නිරීක්ෂණය කර ඇති අතර, එම අවස්ථාවේදී හස්තියා කිසිදු වෙඩි ප්රහාරයකට ලක්ව ඇති බවට නිරීක්ෂණය නොවූ බවද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් තහවුරු කර තිබේ.
Google AdSense
In-Article Ad

