
කොළඹ වරායේ මෙහෙයුම් සදහා ඇමරිකාවෙන් ආයෝජනයක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙම ව්යාපෘතිය මඟින් ඇමරිකානු ව්යාපාරවලට සහයෝගය දැක්වීම, එක්සත් ජනපද සැපයුම් දාම සුරක්ෂිත කිරීම සහ එක්සත් ජනපදය හා ශ්රී ලංකාව අතර වාණිජ අවස්ථා පුළුල් කිරීම හරහා ගෝලීය වෙළඳාමේ දී ශ්රී ලංකාවට ඇති කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ඇමරිකානු අරමුදල් මත ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය මඟින්, කොළඹ වරාය හරහා කඩදාසි භාවිතය අඩු කිරීමට, සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමට සහ භාණ්ඩ නිෂ්කාශනය වේගවත් කිරීමට සම්බන්ධිත ඩිජිටල් පද්ධති දෙකක් සංවර්ධනය කිරීමට ශ්රී ලංකා වරාය අධිකාරියට උපකාර කරනු ඇත එනම්, වරාය ප්රජා පද්ධතිය (Port Community System) සහ සමුද්රිය ඒකීය කවුළුව (Maritime Single Window) යන මෙම පද්ධති මඟින් නැව් සමාගම්වලට, රේගු නිලධාරීන්ට, ආගමන විගමන බලධාරීන්ට, වරාය ක්රියාකරුවන්ට සහ ව්යාපාරවලට ඉලෙක්ට්රොනිකව තොරතුරු හුවමාරු කර ගැනීමට ඉඩ සලසන අතර, වෙළඳ කටයුතු මන්දගාමී කරන කඩදාසි මත පදනම් වූ සහ විසිරුණු ක්රියාවලි වෙනුවට digital තාක්ෂණය ආදේශ වනු ඇත. කොළඹ වරාය වාර්ෂිකව ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ ආසන්න වශයෙන් ඩොලර් බිලියන 30ක භාණ්ඩ ප්රමාණයක් හසුරුවන ලබයි. මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති අතිගරු එරික් ස්ටර්න් මේයර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් වරාය හා ගුවන්සේවා ගරු අමාත්ය අනුර කරුණාතිලක මහතා, ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක් වූ හ.
Google AdSense
In-Article Ad

