
විනිසුරු වයස වැඩි කරනවාට මහ නාහිමිවරු විරෝධය පල කරති..? රජීව් අමරසූරියගෙන් අනාවරණයක්.. (Video)
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අනාවරණ කර සිටී. ඔහු මේ බව පැවසුවේ අද (03) මල්වතු පාර්ශ්වයේ මහානාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා, ''මං හිතන්නේ මේ ආණ්ඩුවට මේක ඉදිරියට ගෙන යාමට කිසිම සදාචාර අයිතියක් නැහැ. ඇත්තටම මොහොතකට පෙර මල්වතු නායක මාහිමිපාණන් අපට දැනුවත් කරා මල්වත්ත, අස්ගිරිය, රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි මහනායක හිමිවරු අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරලා තියෙනවා කියලා මේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසුයි කියලා.''
Google AdSense
In-Article Ad

