
මහරින් එවූ රැදවියන්ට වැලිකඩදී පහර දීම්..- CPRP
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර යවන ලද රැඳවියන් පිරිසකට වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඇති බවට සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) චෝදනා කරයි. එම කමිටුව පෙන්වා දෙන්නේ, මෙම පහරදීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද බන්ධනාගාර නිලධාරියෙකු බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මාරු කර යවන ලද රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් එම කමිටුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, මෙම පහරදීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ද සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැඩිදුරටත් අවධාරණය කර ඇත. Allegations of Assault on Inmates during Transfer to Welikada Prison The Committee for the Protection of Prisoners' Rights (CPRP) has raised serious allegations regarding an assault on a group of inmates transferred from Mahara Prison to Welikada Prison. Reports indicate that prison officials at Welikada were involved in the violent incidents against these newly transferred individuals. CPRP highlighted that the assault was reportedly initiated by a specific prison officer who was responsible for overseeing the transfer from Mahara to Welikada. The committee is calling for an immediate and thorough investigation into this incident, emphasizing the need to ensure the safety of the transferred inmates. They are urging authorities to take swift action to address the situation. Furthermore, the CPRP insists that legal measures be taken against the responsible officials to hold them accountable for their actions during this disturbing event. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

