FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T47 මීටර් 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ආසියානු පැරා ක්‍රීඩා උළලේ T47 මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ධනංජනා වික්‍රමසිංහ අද සමත් වුණා. ඒ, තත්ත්පර 25.80 කාලයකින් තරගය නිමා කරමින්. මෙය මෙම ඉසව්වෙන් ඇගේ පෞද්ගලික හොදම දක්‍ෂතාවද වනවා. ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තායිලන්ත ක්‍රීඩිකාවක විසින්. තත්පර 25.23 කාලයකින් ඇය තරගය නිමා කළා. මේ අතර ධනංජනා වික්‍රමසිංහ දිනාගත් රිදී පදක්කමත් සමග ආසියානු පැරා ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව දැන් දිනා ගෙන තිබෙන මුළු පදක්කම් ගණන දෙකක්. T47 උස පැනීම පිරිමි ඉසව්වෙන් ලෝඩක පදක්කම දිනා ගැනීමට මොහොමඩ් සෆ්‍රාන් මීට පෙර සමත් වුණා. ආසියානු පැරා ක්‍රීඩා උළෙල ජපානේ අයිචි නගෝයාහිදී පැවැත්වෙනවා. .

Google AdSense

In-Article Ad