
දැදුරුඔය සහ රාජාංගණ ජලාශ තවමත් වාන් දමයි – ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ගංවතුර අවදානමක
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
ඇදහැළෙන වැසි හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සහ රාජාංගණ ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ප්රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව දැදුරු ඔය ද්රොණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්නයේ පහළ ප්රදේශවලට හා ඒ ආශ්රිත පහත්බිම්වලට එලෙස අවදානමක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර කලා ඔය ද්රෝණියේ ඉහළ හා මධ්යම ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතිනවා. මේ අතර රාජාංගනය ජලාශයේ පිට වාන් දොරටු විවෘත කර මේ වනවිට තත්පරයට ඝන අඩි 13,200ක ශීඝ්රතාවයෙන් කලා ඔයට ජලය මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම තත්ත්වය මත ද්රෝණියේ පිහිටි රාජාංගනය, නොචිචියාගම, වනාතවිල්ලූව සහ කරුවල ගස් වැව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංගා නිම්නයේ පහළ ප්රදේශවලට සහ ඒ ආශ්රිත පහත් බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ”ඊයේ සන්ධ්යාවේ සිට පුත්තලම දිස්ත්රික්කයේ බොහෝ ප්රදේශවලට තද වැසි ඇදහැලෙමින් පවතිනවා . ඊයේ රාත්රියේ ඇතිවූ මේ වැසි නිසා නාත්තන්ඩිය නගරයේ කොළඹ-පුත්තලම මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවුණා . එම නිසා ගමනාගමනයට තද බාධාවක් එල්ල වී තිබුණා . නමුත් මේ වන විට නම් නාත්තන්ඩිය නගරයේ ජලය බැසගොස් ඇති ආකාරය තමයි දක්නට තිබෙන්නේ . ඊයේ රාත්රියේදී දැදුරුඔය ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කිරීමට ආපදා කළමනාකරණ ඒකකයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් දැදුරුඔය ආසන්නයේ පදිංචිකරුවන්ට විමසිලිමත් වන ලෙස දැනුම් දුන්නා . මීට මොහොතකට පෙර දැනගන්නට ලැබුණු ආකාරයට දැදුරුඔය ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කර තිබෙනවා, ඒ මෙසේය: වාන්දොරටු 2ක් අඩි 5 බැගින්, වාන්දොරටු 4ක් අඩි 4 බැගින් සහ වාන්දොරටු 2ක් අඩි 3 බැගින් . මෙසේ විවෘත කර ඇති ජලදොරටුවලින් තත්පරයට ඝන අඩි 22,400ක් දැදුරුඔයට මුදාහැරෙන බවයි කියන්න ඕනේ . එසේම රාජාංගනය ජලාශයේත් වාන්දොරටු 10ම විවෘත කර තිබෙනවා . වාන්දොරටු 2ක් අඩි 6 බැගින්, වාන්දොරටු 2ක් අඩි 5 බැගින්, වාන්දොරටු 2ක් අඩි 4 බැගින් සහ වාන්දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර, එම ජලදොරටුවලින් තත්පරයට ඝන අඩි 13,330ක් කලාඔයට මුදාහැරෙනවා . අප මතක තබාගත යුතුයි, මේ වාන්දොරටුවලින් මුදාහැරෙන ජලය පමණක් නොව, පවතින වර්ෂාව නිසා එකතුවෙන ජලය කුඩා කුඩා ඇළ මාර්ග ඔස්සේ ගොස් දැදුරුඔයට සහ කලාඔයට එකතුවන නිසා කලාඔයේ සහ දැදුරුඔයේ ජල මට්ටම තවත් ඉහළ යාමට පුළුවන් . ඒ නිසා ආසන්නයේ පදිංචිකරුවන් දැඩි විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ ඒකකය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මතක් කර සිටිනවා . කෙසේ වෙතත්, පුත්තලම දිස්ත්රික්කයේ සියලු දෙනා සූදානමින් පසුවන බවයි පුත්තලම දිසාපතිතුමා සඳහන් කරන්නේ . යම් හදිසි ආපදාවක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා ත්රිවිධ හමුදාව සහ පොලීසිය සූදානමින් සිටිනවා . ආපදා කළමනාකරණ ඒකකයද සඳහන් කළේ අවශ්යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා පියවර ගැනීමට ඔවුන් සූදානම් බවයි . පීඩාවට පත්වූවන් හෝ වෙනත් ආකාරයේ ගැටලුවලට මුහුණ පෑ අය පිළිබඳව තාමත් වාර්තාවන් නැහැ . ”මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් තවදුරටත් විවෘත කර තිබෙනවා . ඊයේ පස්වරුවේ එම ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කර තිබූ අතර, අද උදෑසන වන විට එක් වාන්දොරටුවක් ස්වයංක්රීයව වැසී ගොස් තිබෙනවා . එම ජලපෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි ලැබුණහොත්, ජලාශයේ සෙසු වාන්දොරටුද ස්වයංක්රීයව විවෘත වන නිසා, ජලාශ වේල්ලට පහළින් කොත්මල ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා . පවතින වර්ෂාවත් සමඟ කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවලද ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා .” .
Google AdSense
In-Article Ad

