FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සිසුවෙකුට පහර දුන් විදුහල්පති රිමාන්ඩ්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හැටන් කලාප අධ්‍යාපන කාර්‍යාලය යටතේ පාලනය වන එම පාසලේ 08 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට විදුහල්පතිවරයා, ඔහුගේ බිරිද සහ තවත් පිරිසක් එක්ව පහර දී තුවාල සිදු කිරිමෙන් පසු එම පාසල් සිසුවාගේ දෙමව්පියන් සිසුවාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඒ පිලිබදව නෝර්‍වුඩ් පොලිසිය වෙත දැනුවත් කිරිමෙන් පසු නෝර්‍වුඩ් පොලිසිය විසින් එම සිද්ධිය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්‍ථා කර තිබුණි. සැකකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණය මගින් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස නිකුත් කර තිබූ නොතිසි අනුව විදුහල්පතිවරයා පමණක් (20) දින අධිකරණය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කලහ.

Google AdSense

In-Article Ad