
කොටස් වෙලදපල අස්ථාවර නෑ.. ඉක්මනට සෙට්ල් වෙයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
දේශීය පොලී අනුපාතිකයන්හි සිදුවන සංශෝධන සහ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ නිරන්තර විචලනයන් හෙවත් මිල උච්චාවචනයන් දක්නට ලැබුණද, වෙළෙඳපොළ අනවශ්ය ලෙස අස්ථාවර වී නොමැති බව මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා ප්රකාශ කරයි[. පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්රකාශයක් කරමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේය. කොටස් වෙළෙඳපොළේ පවතින මෙම තත්ත්වය තාවකාලික එකක් බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, කෙටි කලක් තුළ වෙළෙඳපොළ යළි ප්රකෘතිමත් වෙමින් ස්ථාවර මට්ටමකට පත්වනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද අවධාරණය කළේය. මෑත සති කිහිපය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය සැලකිය යුතු උච්චාවචනයන්ට ලක් වූ අතර, දේශීය මුදල් ප්රතිපත්ති සංශෝධන මෙන්ම ගෝලීය වශයෙන් බොරතෙල් සැපයුමට හා ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති නොසන්සුන්තා හේතුවෙන් ආයෝජකයන් යම් ප්රවේශම්කාරී පිළිවෙතක් අනුගමනය කිරීම ඊට හේතු වී තිබිණි Colombo Stock Market Remains Stable Amid Fluctuations, Says Deputy Minister Recent fluctuations in the Colombo stock market have raised concerns, particularly against the backdrop of ongoing unrest in the Middle East and local regulatory changes. However, Deputy Minister of Finance and National Policies, Professor Anil Jayatilleka Pranandu, reassured that the market remains fundamentally stable. While addressing Parliament today, the Deputy Minister emphasized that the current state of volatility in the stock market is temporary. He expressed confidence that the market would stabilize and return to its normal levels in the near future. Over the past few weeks, all stocks listed on the Colombo Stock Exchange, along with the S&P SL20 index, have experienced significant fluctuations. The recent turmoil in the Middle East, coupled with domestic monetary policy adjustments, has led investors to adopt a more cautious approach amidst rising oil supply challenges and economic pressures. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

