
විවාහ දැන්වීමට කුලය ගාවන්න බැහැ – ආණ්ඩුව නව තීරණයකට සැරසෙයි
FM Heart · 2 min read
මිථ්‍යා මත ප්‍රචලිත කරන වෙළද දැන්වීම් නියාමනය කිරීම සදහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සදහන් කළේ පුවත්පත්වල පළ කරන මංගල දැන්වීම්වල කුලය දැක්වෙන කොටස ඉවත් කිරීම කෙරෙහි ද සමාජයේ අවධානයක් යොමු විය යුතු බවයි. “මම හිතනවා ඇත්තටම ඔබ කතා කරන විවාහ මංගල දැන්වීම් වගේ දේවල් සම්බන්ධව ගත්තොත්, සමහර වෙලාවට අපි පෞද්ගලිකව ගන්නා තීරණයකදී නොසලකා හැරලා කටයුතු කරන්න පුළුවන් කාරණා තියෙනවා . අපි ඒකට අවධානය යොමු කරනවා . ඒ වගේම ඊට සමගාමීව මම කියන්න කැමතියි, ලංකාවේ සමාජයේ ගැහැනු පිරිමි දෙගොල්ලොම නොමඟ යවන විදියේ මිථ්‍යාව වපුරවන වෙළඳ දැන්වීම් ඕනෑ තරම් තියෙනවා . වශී ගුරුකම්වල ඉඳලා තව බොහෝ දේවල් වෙනකම්, පහුගිය කාලයේදී සමාජ මාධ්‍ය ඇතුළෙත් ‘තෙල් බින්දුවක් ආලේප කරගත්තම…’ වැනි දේවල්වලින් සමාජය සහ දරු පරපුර නොමඟ යවන, විකෘති තත්ත්වයන්ට පත් කරන ඉතාම පහළ මට්ටමේ වෙළඳ දැන්වීම් තියෙනවා . මේ සියල්ලම එකතු කරගෙන තමයි අපි මාධ්‍යවලට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්න ඕනේ කියන නීතිය අපි ගේනවා කියලා කිව්වේ . ඒක නිසා මිනිසුන්ගේ මනෝභාවය වෙනස් කරන්න ඕනේ . ඕනෑම සමාජයක් ගමන් කරන්න ඕනේ ප්රගමනයට, ඉදිරියට මිසක් ආපස්සට නෙමෙයි . ඒක වෙළඳ දැන්වීමේද, කලාවේද, මාධ්‍යයේද, සාහිත්‍යයේද, ඕනෑම තැනක අපි ඉන්න ඕනේ මේ සමාජ සංස්ථාව ඉදිරියට යන තැනකටයි . ඒ නිසා තමයි මේ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය අපි හඳුන්වලා දීලා තියෙන්නේ . ඒකෙදි මේ සියල්ලටම අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා .” .

