
කුඩු ගහන්න නිවස විකුණා මුදල් දෙන්න පියා බෑ කිවුවැයි පුතා නිවසට ගිනි තබයි...
FM Heart · 1 min read
මෙම ගිනිතැබීමෙන් නිවසේ තිබූ මේස, පුටු ඇතුළු ගෘහ භාණ්ඩ හා දේපළ රැසකට බරපතළ හානි සිදුව ඇති අතර, පසුව ගම්පහ ගිනිනිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න සම්පූර්‍ණයෙන්ම මැඩපවත්වා තිබේ. පොලිස් විමර්‍ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර තරුණයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවයි. සිය නිවස විකුණා තමන්ට මුදල් ලබාදෙන ලෙස ඔහු දිගින් දිගටම සිය පියාට බලපෑම් කරමින් නිවසේ නිතර ආරවුල් ඇති කරගෙන ඇති අතර, පියා ඊට තරයේ විරෝධය පළකිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ගිනිතැබීම සිදුකර ඇති බවට හෙළිව ඇත. මීට පෙර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි මෙම තරුණයා, අධිකරණය මඟින් ඇප මත මුදාහැර ඇත්තේ මීට මාසයකට පමණ පෙර බව ද පොලිස් වාර්‍තා පෙන්වා දෙයි. සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශය අත්හැර පළාගොස් සිටින සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියේ විශේෂ නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්‍ශන මෙහෙයවයි.

