FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලක්‍ෂ පහකට වඩා මුදලින් ගෙවුවොත් විශාල බද්දක්!

FM Heart · 2 min read

The Heart Academy
අනුමත බැංකු සහ විද්‍යුත් ගෙවීම් පද්ධතියෙන් බැහැරව රුපියල් ලක්ෂ පහ (500,000) ඉක්මවා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක අත්පිට මුදල් ගනුදෙනුවක් වෙනුවෙන් බදු වගකීමකට යටත් වීමට සිදුවන බවට දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව බදු ගෙවන්නන්ට හා ව්‍යාපාරික ප්‍රජාවට අනතුරු ඇඟවීමක් සිදුකරයි. යම් ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකු තම වියදම් හෝ වත්කම් අත්පත් කරගැනීම් නීත්‍යනුකූල බැංකු මාර්‍ග ඔස්සේ තහවුරු නොකර මුදල් නෝට්ටු මඟින් සෘජුව පියවන්නේ නම්, අදාළ මුදල බදු ගණනය කිරීමේදී ‘අඩු කළ හැකි පිරිවැයක්’ ලෙසපිළිගනු නොලැබේ. මෙම රෙගුලාසිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන අයුරු පැහැදිලි කරන එම නිලධාරියා පෙන්වා දෙන්නේ, යම් ආයතනයක් රුපියල් මිලියනයක මුදලක් චෙක්පත් හෝ බැංකු හුවමාරු භාවිත නොකර අත්පිට මුදලින් කිසියම් වියදමක් ලෙස ගෙවුවහොත්, එම රුපියල් මිලියනය ව්‍යාපාරයේ වියදමක් ලෙස සැලකීම බදු නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම මුදල ද ව්‍යාපාරයේ ශුද්ධ ලාභයට එක්වන අතර, සියයට 30ක ආයතනික ආදායම් බදු අනුපාතයට යටත් ආයතනයකට එම මුදල මත පමණක් රුපියල් 300,000ක අතිරේක බදු මුදලක් රජයට ගෙවීමට සිදුවනු ඇත. මෙම නීතිය ඉඩම්, දේපළ සහ මෝටර් රථ වාහන මිලදී ගැනීම් සඳහා වඩාත් තීරණාත්මක ලෙස බලපාන බව දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස අයෙකු රුපියල් මිලියන 9කට ඉඩමක් මිලදී ගෙන පසුව එය රුපියල් මිලියන 10කට විකුණන්නේ යැයි උපකල්පනය කළහොත්, සාමාන්‍ය බදු ක්‍රමවේදය යටතේ ප්‍රාග්ධන ලාභය වන්නේ මිලියන 1කි. බදු අයවිය යුත්තේ එම ලාභය මත පමණි. නමුත් අනතුර එම ඉඩම මිලදී ගැනීමේදී රුපියල් මිලියන 9ක මුදල බැංකු පද්ධතියෙන් බැහැරව අත්පිට මුදලින් ලබාදී තිබුණහොත්, එම රුපියල් මිලියන 9ක අත්පත් කරගැනීමේ පිරිවැය බදු අරමුණු වෙනුවෙන් ශූන්‍ය ලෙස සලකනු ලැබේ. ඒ අනුව, ඉඩම විකිණූ සම්පූර්‍ණ මුදල වන රුපියල් මිලියන 10ම ලාභයක් සේ සලකා සමස්ත වටිනාකමටම ඉහළ බදු මුදලක් ගෙවීමට ඉඩම් හිමියාට සිදුවේ. රාජ්‍ය බදු යාන්ත්‍රණයට හසුනොවන කළු සල්ලි හෙවත් සමාන්තර ආර්‍ථිකය නියාමනය කිරීම, මූල්‍ය විනිවිදභාවය ආරක්ෂා කිරීම සහ ඩිජිටල් ගෙවීම් දිරිගැන්වීම මෙම දැඩි තීරණවල මූලික අරමුණය.
99mobile