
පදවියේ මෙහෙයුමක් – මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
FM Heart · 1 min read
පදවිය නගරයේ සිදුකළ වැටලීමකදි මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පදවිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 105යි මිලිග්‍රෑම් 700 ක් සහ හෙරොයින් ග්‍රෑම් 110 යි මිලිග්‍රෑම් 350 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය මගින් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මකයි. .

