FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

AI තාක්ෂණය යොදාගෙන විභාග වංචා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

FM Heart · 2 min read

The Heart Academy
මුළු මහත් දකුණු කොරියාවම කැළඹූ විභාග වංචා සිද්ධියක් හේතුවෙන්, එරට අධ්‍යාපන අමාත්‍ය චෝයි ක්‍යෝ-ජින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා පැවති දකුණු කොරියානු වාර්‍ෂික විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය හෙවත් ‘සුනෙයුන්ග්’ විභාගයේදී AI තාක්ෂණයෙන් සිදුවන වංචා නවත්වන්න අවසන් මොහොතේ ගත් ක්‍රියාමාර්‍ග නිසා ඇතිවූ ව්‍යාකූලත්වයේ සම්පූර්‍ණ වගකීම තමන් භාරගන්නා බවයි ඔහු පවසන්නේ. මීට සතියකට කලින් ජාතික බදු ගණකාධිකරණ විභාගයෙන් පළමු තැන දිනාගත් 34 හැවිරිදි හන් වොන්-සොක් නැමැත්තා , තමන් කුඩා කැමරාවක්, ජංගම දුරකථනයක් සහ AI මෙවලම් පාවිච්චි කරලා වංචා කළ බවට පිළිගෙන තිබෙනවා. ප්‍රශ්න 160න් 159කටම නිවැරදි පිළිතුරු ලබා දී තිබූ ඔහු කියා සිටියේ ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප ගෙන ඒවා AI වෙත යවා, ස්මාර්‍ට් දුරකථනයෙන් පිළිතුරු බලාගත් බවයි. මේ සිදුවීමත් සමගයි , සිසුන් ලක්ෂ 5ක් පමණ පෙනී සිටින පැය 9ක ‘සුනෙයුන්ග්’ විභාගයට දින කිහිපයක් තිබියදී බලධාරීන් හදිසි පියවර ගත්තේ. විභාගය පැවති බ්‍රහස්පතින්දා උදෑසන 8 සිට දහවල් 3 දක්වා කාලය තුළ, දකුණු කොරියාවේ සෑම ජංගම දුරකථනයකටම හදිසි අනතුරු ඇඟවීමේ පණිවිඩ තුනක් යැවීමට පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පැවසුවා. දුරකථන නිහඬ කර තිබුණත්, සංචාරකයින්ගේ දුරකථන වුණත් එකවර ශබ්ද නගන්නට වුණා. ක්‍රියාවිරහිත කළ හෝ ‘Airplane mode’ දැමූ දුරකථන පමණයි නාද නොවුණේ. විභාග වංචාකරුවන් අල්ලා ගන්න ජාතික ආපදා අනතුරු ඇඟවීමේ පද්ධතිය යොදාගත් පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. ඊට අමතරව, සඟවා තිබිය හැකි කැමරා වළක්වන්න කමිස සහ ජැකට්වල බොත්තම් ආවරණය කිරීමටත්, ඇස් කණ්ණාඩි පරීක්ෂා කිරීමටත් කටයුතු කර තිබෙනවා. මෙම දැඩි පියවර නිසා අවංකව විභාගයට ආ සිසුන් පවා දැඩි අපහසුතාවකට සහ බියකට පත්වුණා. සාමාන්‍ය ඇස් කණ්ණාඩි ‘ස්මාර්‍ට් කණ්ණාඩි’ ලෙස වරදවා වටහා ගනීවි යැයි බියෙන් ඇතැම් සිසුන් අක්ෂි කාච පැළඳ විභාගයට පැමිණි බවද සදහන්. කෙසේ වෙතත්, මෙවර විභාගයේදී අනවසර ස්මාර්‍ට් උපාංග ළඟ තබාගත් අපේක්ෂකයින් 111 දෙනෙකු සොයාගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. විභාගය අවසන් වීමත් සමඟ තමන්ට ගැඹුරු වගකීමක් දැනෙන බව පවසමින් අධ්‍යාපන අමාත්‍ය චෝයි ක්‍යෝ-ජින් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම, විභාග ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බව පවසන ජනාධිපති ලී ජේ මියුන්ග් විසින් පිළිගෙන තිබෙනවා. .
99mobile