FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

DIG 6කට වහාම මාරු

FM Heart · 1 min read

The Heart Academy
රාජ්‍ය බුද්ධි සේවය හා මධ්‍යම අපරාධ විමර්‍ශන අංශ ප්‍රධානීහුත් ඒ අතර පොලිස්පතිගේ ඉල්ලීමට කොමිසමේ පූර්‍ණ අනුමැතිය රාජ්‍ය බුද්ධි සේවය සහ මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව, එහි පූර්‍ණ අනුමැතිය යටතේ මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ. මාරු කර යැවූ නිලධාරීන් මෙසේය. ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවය භාර නියෝජ්‍ය පොලිස්පති එච්. කේ. ආර්. ප්‍රනාන්දු මහතා පොලිස් විශේෂ කාර්‍යාංශය භාරවත්, පොලිස් ශුභසාධන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ගිනිගේ මහතා මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය භාරවත් පත්කර ඇත. මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිව සිටි චන්දන කොඩිතුවක්කු මහතා පොලිස් ශුභසාධන අංශයට මාරුකර යවා තිබේ. කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඕෂන් හේවාවිතාරණ මහතා යාපනය දිසාවටත්, එහි සිටි ජී. එම්. මාරපන මහතා කළුතර දිසාවටත් මාරු කර ඇත. කළුතර දිස්ත්‍රික්කය භාරව කටයුතු කළ ඩබ්ලිව්. ජේ. පද්මිණී මහත්මිය කෑගල්ල දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත. හේමන්ත රන්දුණු
99mobile