
භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබා 101 වැනි ජන්ම සැමරුම අද
FM Heart · 1 min read
භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබා තුමාගේ 101 වැනි ජන්ම සැමරුම් උත්සවය අද (23දා) සවස 5ට වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවැත්වේ. ශ්‍රී සත්‍ය සායි සේවා කොළඹ සමිතිය විසින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කරනු ලබයි. මෙම වැඩසටහනට පැමිණෙන ලෙස සියලුම බැතිමතුන්ට එම සමිතිය ආරාධනා කර සිටියි. 1926 නොවැම්බර් 23 දා අන්ද්‍රා ප්‍රදේශයේ පුට්ටපර්ති ගමෙහි “සත්‍ය නාරයන” ලෙසින් එතුමා උපන්නේය. 1835 සැප්තැම්බර් 28 දා මහාරාෂ්ට්‍රයේ පත්‍රි නම් ගමෙහි උපන් ශිර්දි සායි බාබා 1918 ඔක්තෝබර් 15 දා අභාවයට පත්විය. මියෙන්නට දින කීපයකට කලින් මේ අසිරිමත් පුරුෂයා පවසා ඇත්තේ ඉන් වසර 8 කට පසු මදුරාසි පාලන ප්‍රදේශයේ නැවත උපත ලබන බවය. එම ශිර්දි සායි, ශ්‍රී සත්‍ය සායි ලෙස ඉපැදුණු බවයි විශ්වාස කෙරෙන්නේ. ඒ බව සත්‍ය සායි තුමා විසින්ම පවසන ලදී. එතුමන් අභාවයට, මහා සමාධියට පත්වූයේ 2011 අප්‍රේල් 24 දාය. “සැමට ආදරය කරන්න. සැමට සේවය කරන්න” මෙබඳු අදහස්, ආකල්ප, පණිවිඩ ලක්ෂ ගණනින් සායි තුමා ලොවට පැවැසීය.

