
හොර වෛද්‍යවරු වැඩිවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරදින්..
FM Heart · 1 min read
දැනට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වැටලීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් - MOH වෙත පැවරී ඇති අතර, මෙම වැටලීම් සඳහා සම්බන්ධ වීමට බලය පැවරී ඇති වෛද්‍යවරුන්ද තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොකරන තත්ත්වයක් යටතේ හොර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය මධ්‍යස්ථාන වැටලීම සම්බන්ධව ගැටලු ඉස්මතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන මෙන්ම පෞද්ගලික රෝහල්වල නියාමනය සම්බන්ධයෙන් මේ වන විට රෝගීන්ගෙන් දැඩි ලෙස විවේචන එල්ල වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධව දැඩි නිහඬ ප්‍රතිපපත්තියක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් බව ද ඔහු පෙන්වා දෙයි. ප්‍රදේශයේ ුසුකම් රහිතව රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන පුද්ගලයන් කවුදැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් හොඳින්ම දන්නා බවත්, එවන් තත්ත්වයක් යටතේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ රජයේ පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන නියාමනය නිසි පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක නොවීම නිසා බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

